හිටි ගමන් නැව් ගිලෙන්නේ ඇයි...?
සාගරය ගැන අපි නොදන්නා තතු බොහෝය. ඇතැම් විටෙක එහි ප‍්‍රචණ්ඩකාරී වූත් බියකරු වූත් හැසිරීම පුදුම සහගතය. සාගරය පිළිබඳව මෙතෙක් සිදු කර තිබෙන පර්යේෂණවලට පවා අනාවරණය කර ගත නොහැකි වූ රහස් තතු මේ මහ සාගරය තුළ තවමත් සැඟ වී තිබේ.
කෙසේ නමුත් නොසිතූ මොහොත අත්භූත ජනක ලෙස නැවක් ගිලා බැසීමේ සිදුවීමක් ගැන අසන්නට ලැබුණු විට ඊට හේතු වූ කාරණය සොයා යාමට සාගර පර්යේෂකයන් දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ යෝධ නැව් පවා මුහුදුබත් වීමට බලපෑ හැකි සුවිශේෂ හේතුවක් සොයා ගැනීමට සමත් වූ පුවතක් ගැන අසන්නට ලැබේ.ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී මෙන් ම විශාල ප‍්‍රදේශයක් කරා පැතිරුණු දැවැන්ත මුහුදු රළ විශේෂයක්් අභිරහස් ලෙස නැව් ගිල ගන්නා බව එම පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.මෙම ප‍්‍රචණ්ඩකාරී මුහුදු රළ විශේෂය තට්ටු 10 ක විශාල ගොඩනැගිල්ලක් තරම් උසට ඉහළට මතු වන අතර, එය අති දැවැන්ත නැවක් වුණද ගිල්ල විය හැකිය.මෙය හෙළිදරව් වී ඇත්තේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(European Space Agency - ESA)නම් ආයතනයේ චන්ද්‍රිකා මගින් පෙන්නුම් කළ තොරතුරුවලිනි.
2000 වසරේ දෙසැම්බර් මාසයේ දී යුරෝපා සංගමය කරන ලද විද්‍යාත්මක ව්‍යාපෘතිවල කොටසක් හැටියට එම ඒජන්සියේ චන්ද්‍රිකා මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම මුහුදු රළ පිළිබඳව පැවැති නාවික මිත්‍යා මත බැහැර කිරීමට සිදු වී තිබේ.මෙම බිහිසුණු මුහුදු රළ පිළිබඳව 2001 වර්ෂයේ දී සිදු කරන ලද පර්යේෂණ වල දී සති තුනකදී ලැබුණු දත්ත මඟින් පෙනී ගොස් ඇත්තේ එනම්, ඒවා මීටර් 25 (අඩි 80 ක්) උසට එසැවෙන ගෝලාකාර ස්වරූපයක් ගන්නා බවයි.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කරන්නේ මෙම දැවැන්ත මුහුදු රළ අවුරුදු 10,000 කට වරක් හට ගන්නා බවට, විද්‍යාඥයන් විශ්වාස කරන බවය. එහෙත් ජර්මනියේ ට්ම්ඉඉ පර්යේෂණ මධ්‍යස්ථානයේ
වාල්ෆ්ගැන්ග් රොතෙන්සල් පවසන්නේ මෙම දැවැන්ත මුහුදු රළ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවයි.
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ප‍්‍රකාශ කරන ආකාරයට පසුගිය දශක දෙක තුළ මීටර් 200 කට (අඩි 650) ක් වඩා විශාල නැව් සහ කන්ටේනර් නැව් ගණනාවක් සාගර මධ්‍යයේ දී අනතුරට ලක් වී ඇත. එහෙයින් මෙම සිදුවීම්වලට මේ බිහිසුණු මුහුදු රළ බලපාන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ඔවුහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටිති.මෙම අති බිහිසුණු රළවලින් සිදුවිය හැකි නාවික අනතුරු අවම කර ගැනීම සඳහා දැනටමත් යම් යම් උපාය මාර්ග හා පිළියම් යොදා ඇති බව එම එජන්සිය පෙන්වා දෙයි. අද නිපදවන විශාල නැව්වල බඳ වටා මීටර් 15 කට වඩා උසට තට්ටු සාදා එමගින් නැවට ආරක්‍ෂාව සැලසීම ඉන් එක් උපාය මාර්ගයකි.
(අන්තර්ජාලය ඇසුරෙනි)
Search This Blog
Saturday, December 12, 2015
පිළිකාවේ පෙරනිමිති දැනගනිමු.
පිළිකාවක් යනු මිනිස් සිරුරේ කිසියම් ප‍්‍රදේශයක හෝ අවයවයක පිහිටි සෛලයක අක‍්‍රමවත් වර්ධනයක් හේතුවෙන් ඇතිවන තත්වයකි. මෙවැන්නක් හටගත් මුල් අවස්ථාවකදී එතරම් වෙනසක් නොමැත. පිළිකාවක් හටගත් මුල් අවධියේදී රෝගී තත්වයෙන් පෙළෙන බවක් පවා නොදනී.
පිළිකා රෝගවලින් සියයට 30 ක් පමණ නැවත සුවකළ හැකි තත්වයේ පවතින ඒවා බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති. සිරුරේ යම්කිසි වෙනස්කමක් ඇතිබව වැටහේ නම් කල්තියාම වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවාගැනීම වඩාත්ම සුදුසුය. සිරුරේ විවිධ අවයවයන් වන පෙනහළු, උගුර, ගලනාලය, පියයුරු, මුඛය, බඩවැල්, තයිරොයිඞ් ග‍්‍රන්ථිය, පුරස්ථි ග‍්‍රන්ථිය, ගැබ්ගෙල ආදී ස්ථානවල මෙවැනි පිළිකා තත්වයන් හටගත හැකිය.
කොන්ද ප‍්‍රදේශයෙහි වේදනාවක්, හුස්ම ගැනීමේදී කිසියම් අපහසුතාවයක් දැනේනම් එය පෙනහළු පිළිකාවක පෙර නිමිත්තක් විය හැකිය. උගුර හා ගලනාලය සම්බන්ධ පිළිකාවකදී නම් ආහාරගැනීමේදී ගිලීමට අසීරු බවක් හා වේදනාවක් ඇතිවේ. ශරීරයේ බරද බොහෝදුරට අඩුවිය හැකිය.
පියයුරු පිළිකාව සහ ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතරේ බහුලව වැළඳෙන පිළිකා වර්ග දෙකකි. පියයුරු මත ගැටිත්තක්, පැල්ලමක්, ඉදිමීමක් සිදුවී තිබීම, පියයුරු සමෙහි ගොරෝසු බවක් හටගෙන තිබීම, තන පුඩු ඇතුළට ගිලීගිය ස්වභාවයෙන් යුක්ත වීම ආදී කරුණු පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වේ.
යෝනි මාර්ගයෙන් එකදිගට රුධිරය පිටවීම, ලිංගික සබඳතාවයකින් පසු රුධිරය පිටවීම වැනි ලක්ෂණ හටගනී නම් එය ගැබ්ගෙල ආශි‍්‍රත පිළිකාවක ස්වභාවයකි. පුරස්ථි ග‍්‍රන්ථි පිළිකාව
පුරුෂ පාර්ශවය තුළ බහුලව දැකිය හැකි පිළිකා අවස්ථාවකි. මුත‍්‍රා පිටකිරීමේදී වේදනාවක්, අපහසුතාවයක් හටගැනීම, නිතර නිතර මුත‍්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, මුත‍්‍රා සමග රුධිරය පිටවීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩවැල් හෙවත් අන්ත‍්‍රවල හටගන්නා පිළිකාවක් පෙරසිටදීම පූර්ව ලක්ෂණ හඳුනාගත හැකිය. මළපහ කිරීමේදී ඇතිවන වේදනාව හා අසම්පූර්ණව පිටවූ බවක් දැනීම, මළපහ සමග රුධිරය පිටවීම, උදරයේ වේදනාව, ශරීරයේ බර අඩුවීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ වේ.
තයිරොයිඞ් ග‍්‍රන්ථිය ඉදිමීම, කටහඬ වෙනස් වීම, ගෙලෙහි වසාගැටිති හටගැනීම, හුස්ම ගැනීමට හා ගිලීමට ඇති අපහසුතාවය තයිරොයිඞ් ග‍්‍රන්ථි පිළිකාවේ මූලික රෝග ලක්ෂණ වේ.
මුඛ පිළිකාවක්දැයි හඳුනාගැනීමට මුඛය පරීක්ෂා කිරීමෙන් ඔබට හඳුනාගත හැකිය. මුඛයේ සුදු හා රතු පැහැති ලප හටගැනීම, අසාමාන්‍ය දාහයක් හටගැනීම, තුවාල හටගැනීම, දිව සෙලවීමේ හා මුඛය විවෘත කිරීමේ අපහසුතාවය මෙහි රෝග ලක්ෂණ වේ.
පිළිකා රෝග ලක්ෂණ කලින්ම හඳුනා ගැනීමෙන් වහාම ප‍්‍රතිකාර කටයුතු සිදුකර ජීවිත අවදානම වළකාගත හැකිය.
(අන්තර්ජාලය ඇසුරිනි)

ශක්තිජනක පාන දියවැඩියාවට අතවනයි?
කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරයි.
නව යෞවනයන් අතර ජනප්‍රිය පාන වර්ග හේතුවෙන් ඇතිවන ගැටළු අතර ලේ වල සීනි මට්ටම වැඩිකරන බවත් ඒ හේතුවෙන් ජීවිතයේ පසු අවධියේ දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළ යන බවත් එම පර්යේෂණයෙන් සොයාගෙන ඇත.
මෙවැනි ශක්තිජනක පාන වර්ග පසුගිය වසර 10 තුළ පරිබෝජනය කිරීමේ ප්‍රමාණය අධික ලෙස වැඩිවී ඇතැයිද ඔවුහු කියති.
කුඩා දරුවන්ට භාවිතය නුසුදුසු බවට ඒවායේ අවවාදාත්මක ස්ටිකර් අලවා තිබියදීත් ළමයින්, තරුණ තරුණියන් හා තරුණ වැඩිහිටියන් අතර මේවා අලෙවිවන බව පර්යේෂකයෝ අනාවරණය කරගෙන ඇත.

(ඩේලිමේල් ඇසුරිණි)
Subscribe to:
Posts (Atom)