එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ "ඩිල්ස් කූප්" නම ඇසූ පමණින් අප හට මතකයට නැගෙන තිලකරත්න ඩිල්ෂාන් නම් වූ ලොවප්‍රකට අසහාය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා නුදුරු දිනකදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනු ඇත. එහෙත් අපගේ ක්‍රිකට් ඉතිහාසය දෙස බලන විට කෙතරම් දක්ෂතා දැක්වූවත් අවසානයේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමුගැනීම එතරම් සතුටුදායක නොවේ. මන්ද යත් අද සියල්ල මුදල් මත තීරණය වන බැවිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වුවද ක්‍රීඩකයකුගේ සමු ගැනීමකදී ඔවුනට උපහාර කරනවා වෙනුවට ඔවුන්ගේ මානසිකත්වයද පහතට ඇද දමයි....
නමුත් ක්‍රිකට් ලෝලීන් වන අප ඔබ රට වෙනුවෙන් ඉටුකල සේවයට උපහාර කරනෙමු....! ඩිල්ශාන්ගේ ක්‍රිකට් දිවියේ සහ යුග දිවියේ සොඳුරු මතකයන් මා මෙසේ ගෙන හැර දක්වමි.
----------------------------------------------------
ඩිල්ශාන් ශ්‍රී ලාංකික මැලේ පියකුගේ සහ සිංහල මවක දාව 1976 ඔක්තෝබර් 14 දින උපත ලබා ඇත. ඔහු වසර කිහිපයක් යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ දී ඔහුගේ ප්‍රථම අධ්‍යාපනය හදාරා ඇත. ඔහු නව යෞවනයෙකු ලෙස ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කර පසුව කළුතර විද්‍යාලයට ඇතුලත් වී ඇත. ඔහුගේ මුල් පුහුණුකරු වූයේ රන්ජන් පරණවිතාන මහතායි. තිලකරත්න ඩිල්ෂාන් බවට පත්වීමට පෙර ඔහු මුල් අවුරුදු 16 තුල ''තුවාන් මොහොමඩ් ඩිල්ෂාන්" ලෙස හඳුන්වන ලදී. කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ නම් මුස්ලිම් නම් වුවත්, ඔහුගේ මව, සිංහල බෞද්ධ ආගම ඇදහූ නිසා පසුව නිල වශයෙන් ඔවුන්ගේ නම් සහ ආගම ඔහුගේ දෙමාපියන් වෙනස් කළේය.
ඩිල්ෂාන්, නිලංකා විතානගේ සමග විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාගේ පුතුට රෙසදු තිලකරත්න ලෙස නම් තබා තියනවා. ඩිල්ෂාන් පලමු විවාහයෙන් දික්කසාද වී ටෙලි නාට්‍ය නිළි මංජුලා තිළිණි සමඟ විවාහ වී ඇත. ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන Resandi Linama තිලකරත්න හා දෙවනි දුව Lasadi Dihasansa තිලකරත්න වේ. ඔවුන්ගේ එකම පුතා Dihela Dinhath තිලකරත්න නම් වේ.
ඔහුගේ සහෝදරයා තිලකරත්න සම්පත් ශ්‍රී ලංකාව තුළ පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට ඇත. 2014 ඔක්තෝබර් මස 23 වන දින, ඩිල්ෂාන් කිරුලපන ස්ටැෆර්ඩ් පටුමගේ "Hotel D' Pavilion Inn" ලෙස කුඩා පරිමාණ සුඛෝපභෝගී හෝටලයක් විවෘත කරන ලදී. මෙම හෝටලය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ උත්සවශ්‍රියෙන් විවෘත කරන ලදී. ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් තරඟ වලදී ලකුණු 10,000 හේ සීමාව පසු කල ලොව 11 වෙනි ක්‍රීඩකයාද වන්නෙ මොහුය.....
තව වසර කිහිපයක් සෙල්ලම් කරනවා කියපු ඩිල්ශාන් හදීසියේ සමුගන්න තීරණය කලේ තේරීම් කමිටුවෙන් කැපිල්ල ආපු නිසාද?
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් සිය සමුගැනීම නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ අනූව ඔහු ලබන ඉරිදා දඹුල්ලේ දී ආරම්භ වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තෙවන එක්දින තරගයේදී සිය එක්දින ක්‍රිකට් ජීවිතයට සමු දෙනු ඇති.එමෙන්ම සැප්තැම්බර් 8 වනදා කොලඹ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගයේදී ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලටද සමු දීමට නියමිතයි.
පසුගිය දිනවල දිල්ශාන් ගේ සමුගැන්ම පිලිබද විවිධ මාධ්‍ය වාර්තා පල වූ අතර ඒ පිලිබදව ලොකු කතාබහක් ද ඇති වුවා,කෙසේ වෙතත් මීට ඕස්ට්‍රේලියා සංචාරයට පෙර දිල්ශාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුනේ තමන් විශ්‍රාම ගැනීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි. කෙසේ වෙතත් තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පිරිසක් මාන බලමින් සිටින බවද ඔහු එහිදී ප්‍රකාශ කොට තිබුනා.
සමස්තයක් වශයෙන් බැලූ කල ඩිල්ශාන් පසුගිය වකවානුවේ අසාර්ථකත්වයක් පෙන්නුම් කලේ ද නැත බොහො විට ඔහු සිතා ගෙන සිටින්නට ඇත්තේ 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට විය හැකියි. කෙසේ වෙතත් එම තීරණය වෙනස් වන්නට තේරුම් කමිටුවේ ක්‍රියා කාරීත්වය හේතු වූ බව දන්නො දනිති. ඩිල්ශාන් පසුගිය එංගලන්ත සංචාරයට ක්‍රීඩා කලේ නැත එහිදී ඩිල්ශාන් ප්‍රකාශ කොට තිබුනේ තමන්ට ආබාධයක් ඇතිව තිබූ බවයි කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරේ පෞද්ගලික හේතුවක් නිසා ඔහු එම සංචාරයට එක් නොවන බවයි,එවකට පටන්ම ඩිල්ශාන් හා තේරීම් කමිටුව අතර මත ගැටුම් නැතුවා නොවේ. තේරුම් කමිටු සභාපති සනත් ට හා නායක මැතිවුස් ට අවශ්‍ය නවක කණ්ඩායමක් 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කරවීමටයි,නමුත් ඩිල්ශාන් ඊට බාධාවක් ව තිබුනි ඒ නිසා එංගලන්ත සංචාරයේදී ඩිල්ශාන් ට කැපිල්ල වැදුනි. හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගට සිදු වූයේ ද මෙයමයි.
තිලකරත්න ඩිල්ශාන් ගේ නම හා උපුල් ගේ නම ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට තෙරීම් කමිටුවේ සභාපතිවරයා හා තවත් නිලධාරීන් පිරිසක් අතර කබ ඇදීමක් සිදු වූ අතර අවසානයේ උපුල් ගේ නම කපා හැරෙන්නේ ඩිල්ශාන් සංචිතයට නම් කරමින් නමුත් මත ගැටුම් යලිත් උත්සන්න වන්නේ පලමු තරග 02 දීම ඩිල්ශාන්ට ලකුණු අතරට පිවීසිමට නොහැකි වීම හේතුවෙනුයි. එහිදී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වරයා ඩිල්ශාන් ට නවකයෙකුට අවස්ථාව දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා ලෙසට පැවසූ බව වාර්තා වනවා. ඒ අනූවයි ඩිල්ශාන් සිය අවසන් තීරණය අද දින ගෙන ඇත්තේ. 1999 වසරේ එක්දින වරම් හිමි කර ගත් ඩිල්ශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 329 කට ක්‍රීඩා කොට තිබෙනවා. ඒ වසර 17 ක් පුරාවට 49.18 ක සාමාන්‍යක් රදවා ගනිමිනි.
එක්දින තරග 300 කදී ලකුණු 50 ක සාමාන්‍යක් රදවා ගැනීම එතරම් පහසු නැත. පසුගිය වසරේ ඩිල්ශාන් ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.47 ක්. ගෙවුනු විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමටද ඩිල්ශාන් සමත් වූවා.
ඒ අනූව ඩිල්ශාන් ගේ දක්ෂතා අඩුවක් නැති බව මැනවින් වටහා ගත හැකියි. කෙසේ වෙතත් ඔහු මේ වන විට සිය සමුගැනීම ප්‍රකාශ කොට අවසනයි. ශ්‍රී ලංකා නායකයා ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම, ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩා ලෝලීන් දැන් කල යුත්තේ මේ අග්‍රගණ්‍ය පිතිකරුවාට ගෞරවණීය සමු ගැනීමක් ලබා දීමයි....
සැ.යු:- සමහර කරුණු Wikipedia මඟින් උපුටා ගෙන සිංහලයට පරිවර්ථනය කරන ලදී....
No comments:
Post a Comment